ආඝාතය යනු මොළයේ කොටසකට රුධිර සැපයුම කපාහරින විට ඇති වන දරුණු ජීවිතයට තර්ජනයක් වන සෞඛ්ය තත්වයකි. ආඝාතය වෛද්‍ය හදිසි තත්වයක් වන අතර හදිසි ප්‍රතිකාර අවශ්‍ය වේ. යම් පුද්ගලයෙකුට ආඝාතය සඳහා ප්‍රතිකාර ලබා දීම ඉක්මන් වූ තරමට සිදුවිය හැකි හානිය අඩු කර ගත හැකිය. ඔබට හෝ වෙනත් කෙනෙකුට ආඝාතයක් ඇති බව ඔබ සැකකරනවා නම් හදිසි වෛද්‍ය ආධාර ලබා ගන්න

අඝාතයේ රෝග ලක්ෂණ

  • මුහුණ - මුහුණ එක් පැත්තකට වැටී තිබිය හැකිය, පුද්ගලයාට සිනාසීමට නොහැකි විය හැකිය, නැතහොත් ඔවුන්ගේ මුඛය හෝ ඇස පහතට වැටී තිබිය හැක.
  • අත්‍ - එක අතක් දුර්වල වීම හෝ හිරිවැටී ඇති නිසා ආඝාතයක් ඇතැයි සැක කරන පුද්ගලයාට අත් දෙක ඔසවා තැබීමට නොහැකි වනවා ඇත.
  • කතාව - ඔවුන්ගේ කතාව අපැහැදිලි හෝ විකෘති විය හැකිය. එසේත් නැත්නම් ඇස් ඇර තිබියදීත් එම පුද්ගලයාට කෙසේවත් කතා කල නොහැකි තත්වයක් පවතී.
  • කාලය - මෙම රෝග ලක්ෂණ කිසිවක් දැකිය හැකි නම් වෛද්‍ය ආධාර සඳහා කැඳවීමට කාලයයි.

ආඝාතය සඳහා හේතු

සියලුම ඉන්ද්‍රියයන් මෙන් මොලයටද හොඳින් ක්‍රියාකිරීම සඳහා රුධිරයෙන් සපයනු ලබන ඔක්සිජන් සහ පෝෂ්‍යපදාර්ථ අවශ්‍ය වේ. රුධිර සැපයුම සීමා කිරීම හෝ නැවත්වීම තුලින් මොලයේ සෛල මිය යාමට පටන් ගනී. මෙය මොළයේ තුවාල, ආබාධිත හා සමහර විට මරණයට ද හේතු විය හැක. ප්‍රධාන වශයෙන් ආඝාතය වර්ග දෙකක් ඇත:

  • ඉස්කීමික් (Ischaemic) - රුධිර කැටියක් නිසා රුධිර සැපයුම නැවතීමෙන්. ආඝාතය වැළඳුන පුද්ගලයන්ගෙන් 85%
  • හෙමරොජික් (Haemorrhagic)- මොලයට රුධිරය සපයන දුර්වල රුධිර වාහිනියක් පිපිරීම

මේවාට අමතරව අදාළ තත්වයක් ලෙස ට්‍රාන්සියෙන්ට් ඉස්කීමික් ඇටෑක්(TIA) හැඳින්විය හැක. මෙමඟින් මොලයට රුධිර සැපයුම තාවකාලිකව අත්හිට වේ. මෙය කුඩා ආඝාතය ලෙස හැඳින් වේ. බොහෝ විට මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක් අතර පවතී. නුදුරු අනාගතයේ දී සම්පූර්ණ ආඝාතයක් ඇතිවීමේ අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීමේ සංඥාවක් වන බැවින් TIA හදිසි ලෙස කටයුතු කර ප්‍රතිකාර කල යුතුය. ඔබගේ රෝග ලක්ෂණ නිරාකරණය කළ හැකි වුවද හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඇතැම් තත්වයන් ආඝාතය ඇතිවීමේ අවදානම වැඩි කරයි. ඒවා නම්:

ආඝාතය සඳහා ප්‍රතිකාර කිරීම

ඔබට ආඝාතය වැළඳීමට හේතුව කුමක්ද, ඔබගේ මොලයේ කුමන ප්‍රදේශයට මෙය නිසා බලපෑමක් ඇතිවී තිබේද යන්න ඇතුළුව ඔබට වැළඳී ඇති ආඝාතය මත ප්‍රතිකාර පදනම් වේ. ආඝාතය සඳහා ඖෂධ මඟින් ප්‍රතිකාර කල හැකිය. රුධිර කැටිය වැලැක්වීම සහ විසුරුවා හැරීම, රුධිර පීඩනය අඩු කිරීම සහ කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීම සඳහා ඖෂධ මීට අයත්වේ. සමහර අවස්ථාවලදී, රුධිර කැටිය ඉවත් කිරීම සඳහා ක්‍රියා පටිපාටි අවශ්‍ය විය හැකිය. හෙමරොජික් ආඝාතය. තත්වයේදී මොලයේ ඉදිමීම සඳහා ප්‍රතිකාර කිරීම සහ තවදුරටත් රුධිරය වහනය වීම වැලැක්වීම සඳහා ප්‍රතිකාර ලෙස ශල්‍ය කර්මයක් අවශ්‍ය විය හැක.

ආඝාතය වැළඳීමෙන් පසු සුවය ලබා ගැනීම

ආඝාතය වැළඳීමෙන් පසු ජීවිත බේරුන පුද්ගලයන්ට බොහෝ විට මොලයට හානි සිදුවීම නිසා දිඟු කාලීන ගැටළු සමඟින් ජීවත් වීමට සිදුවේ. සමහර අයට තමන්ගේ පැරණි ස්වාධීනත්වය ලබා ගැනීම සඳහා දීර්ගකාලීන පුනරුත්තාපනයක් අවශ්‍ය වන අතර සමහර අයට ආඝාතයේ බලපෑම නිසා නැවත කිසි දිනක සම්පුර්ණයෙන් සුවය නොලැබී තමන්ගේ ජීවතය සකස් කර ගැනීමට අන් අයගේ සහයෝගය මත යැපීමට සිදුවේ.

අඝාතයෙන් වැළකීම

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යොමු වීම තුලින් ඔබට ආඝාතය වැළඳීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකිය. ඒවා නම්:

  • සෞඛ්ය සම්පන්න ආහාරයක් අනුභව කිරීම
  • නිතිපතා ව්‍යායාම කිරීම
  • මධ්‍යම ප්‍රමාණයට මත්පැන් පානය කිරීම
  • දුම්පානය නොකිරීම

ඔබට ආඝාතය වැළඳීම පිළිබඳව අවදානම වැඩි කරන තත්ත්වයක් ඇති නම්, එය සාර්ථකව කළමනාකරණය කිරීම වැදගත් වේ - උදාහරණ ලෙස, ඖෂධ මගින් අධි රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් මට්ටම් අඩු කිරීම. ඔබට අතීතයේදී TIA හෝ ආඝාතය වැළඳී ඇත්නම්, තවත් වතාවක් ආඝාතය වැළදීමේ අවදානම වඩා වැඩි බැවින් මෙම පියවරවල් වඩා වැදගත් වේ.

දරුවන්ගේ ආඝාතය

ආඝාතය වැඩිහිටියන්ට පමණක් නොව දරුවන්ටද බලපෑම් ඇති කරයි.